සිය බැංකුවට එක්ව සිටින සාමාජික රටවල් සංඛ්‍යාව 109 දක්වා පුළුල් කර ඇතැයි ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ඊයේ (26) නිවේදනය කර තිබේ. එම බැංකුවේ 8 වන කෘත්‍යාධිකාර මණ්ඩලයේ වාර්ෂික සමුළුව මේ දිනවල ඊජිප්තුවේ Sharm el-Sheikh නුවරදී පැවැත්වේ. එහිදී එල් සැල්වදෝරය, සොලමන් දූපත්, ටැන්සානියාව යන රටවල් තුන එම බැංකුවට එක්වීමේ අයදුම්පත් අනුමත කෙරිණ.
මේ වන විට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවට එක්ව සිටින රටවල ජනගහනය ලොව සමස්ත ජනගහණයෙන් 81%කි. එමෙන්ම ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 65%ක් සඳහා ද එම රටවල් දායකත්වය ලබා දෙයි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි