“Zheng”යනු චීනයේ සාම්ප්‍රදායික සංගීත භාණ්ඩයකි. හැන් සහ ටාං රාජවංශ සමයෙහි සේද මාවත ඔස්සේ “Zheng”වාද්‍ය භාණ්ඩය බොහෝ රටවලට හඳුන්වා දෙනු ලැබිණ. ඉන් පසු මෙම සංගීත භාණ්ඩය එම රටවල් විසින් ඔවුන්ට අනන්‍ය වූ ලක්ෂණ සහිත ව නිර්මාණය කර ගෙන ඇත.

මේ දිනවල චීනයේ චර් චියං පළාතේ හං චෞ නුවර පැවැත්වෙන 19වැනි ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය විශේෂ සංගීත වීඩියෝවක් නිෂ්පාදනය කර ඇත. චීනය, ජපානය ,දකුණු කොරියාව, මොංගෝලියාව හා වියට්නාමය යන ආසියානු රටවල් 5ක ප්‍රවීණ“Zheng” වාදකයෝ ඊට දායක වූහ. විවිධ ලක්ෂණවලින් යුතුව ආසියානු රටවල් 5ක “Zheng”සංගීත භාණ්ඩ එක්ව වාදනය කෙරුණු පළමු අවස්ථාව මෙයයි. චීනයේ චර් චියං පළාතේ ජන සංගීත සාම්ප්‍රදාය පදනම්ව නිම වූ“හදවතින් හදවතට ”නම් මෙම “Zheng”සංගීත නිර්මාණය, ආසියානු ක්‍රීඩා උළෙලේ තරඟ කරන ක්‍රීඩකයන් දිරිමත් කිරීමට වාදනය විය. එපමණක් නොව එය මිත්‍රත්වය හා සාමයට ලැදි සමස්ත ආසියානු රටවල ජනතාවගේ පොදු අභිලාෂයන් වෙනුවෙන් වූ සොඳුරු සංගීතමය ප්රකාශනයක් ද වේ.


More Stories
සිය සළුපිළි උනා දැමූ ඇමරිකාව ගැන චීනයේ මතය
සමස්ත ආසියානු ජනතාවගේ පොදු අපේක්ෂාවන් පිළිබිඹු කරන චීනයේ අලුත් අවුරුදු තෑග්ග…
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්