‘සුහද, සාමකාමී හා පොදු පොහොසත්කම දිනා ගන්නා අසල්වැසිභාවයේ’ අඛණ්ඩව නිරත වන බව චීනය කියාසිටී.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, මධ්‍යම විදේශ කටයුතු කාර්යාල අධ්‍යක්ෂ වං යී මහතා මේ බව ප්‍රකාශ කළේ‘මිත්‍රත්වය, අවංකභාවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ සමීපභාවය පිළිබඳ අසල්වැසි රටවල් සමග රාජ්‍යතාන්ත්‍රික සංකල්පය’ ඉදිරිපත් කිරීමේ දස වැනි සංවත්සරය වෙනුවෙන් ඊයේ (24) පැවති ජාත්‍යන්තර සාකච්ඡා සභාව අමතමිනි.
අසල්වැසි රටවල් සමග මිත්‍රශීලි සහයෝගතා හා ප්‍රතිලාභ වැඩිදියුණු කරමින් පොදු වාසභූමි මනා ව සංවර්ධනය කිරීමෙහි චීනය නියැලී සිටින බව ද ඔහු පැවසීය. මේ සඳහා වං යී මහතා සිව්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කළේය.
එහි පළමුවැන්න පොදු සාකච්ඡාව, පොදු සංවර්ධනය හා පොදුවේ බෙදා ගැනීම යන සංකල්පය ක්‍රියාත්මක කරමින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පිළිබඳ ආදර්ශවත් කලාපයක් ගොඩනගා ගැනීමයි. සංවර්ධනය පිළිබඳ ක්‍රියා සැලැස්ම පොදුවේ සම්පාදනය කරමින් ගෝලීය සංවර්ධන මුලපිරුම ක්‍රියාත්මක කිරීමේ පුරෝගාමී කලාපයක් ගොඩනගා ගැනීමට ක්‍රියා කිරීම එහි දෙවැන්න වේ. තුන්වනුව, සාමකාමීව, අන්‍යෝන්‍ය සහයෝගය සහිතව ගෝලීය ආරක්ෂක මුලපිරුම පිළිබඳ අත්හදා බැලීම් කලාපයක් ගොඩනගා ගැනීම යි. ආසියාව සතු වටිනා සංකල්පය විදහා පාමින් ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛ කලාපයක් ලෙස ආසියාව ගොඩනගා ගැනීම එම යෝජනාවලියේ සිව්වැන්න යි.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්