ගාල්ල බද්දේගම ඉදිගස්කැටිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 43දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.
ප්‍රදේශයේ සෞඛ්‍යය අංශ සදහන් කළේ පසුගිය දින කිහිපයේදී කර්මාන්තශාලාවේ 260දෙනෙකු කොවිඩ් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඒ බව තහවුරු කර ගත් බවයි.
එලෙස කොවිඩ් ආසාදනය වූ පුද්ගලයින් අතර එම කර්මාන්ත ශාලාවේ විධායක ශ්‍රේණියේ කිහිපදෙනෙකු ද සිටින බවට වාර්තා වේ.
එම කර්මාන්ත ශාලාවේ 400ක පමණ පිරිසක් සේවය කරන බව සෞඛ්‍යය අංශ පැවසීය.
- Aruna
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති