මහ ඔය ගංගාව එහි මධ්‍ය ප්‍රදේශවලදී සුළු ගංවතුර තත්ත්වයකට ලක්ව ඇතැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු, එස්.පී.සී. සුගීෂ්වර මහතා පැවසුවේ, ගිරිඋල්ල නගරය අවට ඇතැම් පහත්බිම් ප්‍රදේශ සුළු ගංවතුර තත්ත්වයකට ලක්ව ඇති බවයි.
මීට අමතරව ගිරිඋල්ල – කුරුණෑගල මාර්ගයේ ඇතැම්, ස්ථාන සුළු ගංවතුර තත්ත්වයකට ලක්ව පවතින බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.
තව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව තවදුරටත් අනතුරු අඟවා සිටින්නේ, පන්නල, වෙන්නප්පුව, මීගමුව, දංකොටුව සහ කටාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවයි.
මෙම තත්ත්වය පිළිබඳ තවදුරටත් දැඩි අවධානයකින් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අදාළ ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටී
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ