ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාව වෙත අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම වෙනුවෙන් එම ප්‍රදේශවල සතොස හා සමුපකාර වෙළඳසැල් මෙන්ම ආර්ථික මධ්‍යස්ථාන අද දින සිට විවෘතව තැබීමට රජය තීරණය කර තිබෙනවා.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ අද (09) රාත්‍රී 8.00 දක්වා සතොස, ඖෂධ සැල්, සුපිරි වෙළෙද සැල්, මත්ස්‍ය අලෙවි සැල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳ සැල් විවෘත කිරීමට අවසර ලබා දි ඇති බවය.
සාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ බෙදා හැරීමට පියවර ගෙන ඇති බවයි වෙළඳ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
ඊට සමගාමීව ඡංගම සේවා මඟින් මාළු සහ පොල් අළෙවි කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව වෙළඳ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වුණා.
මේ අතර සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කලබලයකින් තොරව භාණ්ඩ මිලදී ගැනීම සඳහා යොමුවන ලෙසයි රජය ජනතාවට දැනුම් දෙන්නේ.
එමෙන්ම ලංකා සතොස සභාපති රුෂාඩ් පෙරේරා මහතා සඳහන් කළේ රට තුළ කිසිදු ආහාර හිගයක් නෙැමැති බවයි. එබැවින් අසාමාන්‍ය ලෙස භාණ්ඩ මිලදී ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්