ගත වූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ දින සිට මේ දක්වා කාලය තුළ ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 135 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කොවිඩ් නයින්ටීන් වසංගත අවදානම සියලු ප්‍රදේශවල පවතින බැවින් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ