නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද ඉන්ධන පිරවුම්හල් විවෘතව තැබීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එක් පොලිස් බල ප්‍රදේශයකට ඉන්ධන පිරවුම්හල් 3ක් විවෘතව තැබීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සදහන් කරයි.
කොරෝනා තත්ත්වය හමුවේ රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැනුවත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛනයක් නිකුත් කර තිබේ.
එමගින් අවධාරණය කර ඇත්තේ, පවතින තත්ත්වය පිළිබඳ අවධානය යොමු කර කැපවීමෙන් ස්වකිය රාජකාරි උපරිමයෙන් ඉටුකිරීමට සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවයි.ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම පියවර ගෙන ඇත.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි