රට තුළ ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද පෙරවරු 6 සිට පස්වරු 2 දක්වා ලිහිල් කර තිබෙනවා.
පස්වරු 2ට යළි පැනවෙන ඇඳිරිනීතිය හෙට පෙරවරු 6 දක්වා බලාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කලේ.
ඇඳිරි නීතිය පැනවෙන කාලය තුළ බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක් නොමැතිව පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ මුහුදු වෙරළක රැඳී සිටීමට කිසිවෙකුටත් අවසර හිමිවන්නේ නැහැ.
මේ අතර ප්රචණ්ඩ කණ්ඩායම් විසින් සිදු කරන නීතිය හා සාමය කඩවීම් එනම් ගෙවල් ගිනි තැබීම්, මංකොල්ලකෑම්, පහරදීම් සහ රාජ්‍ය හෝ පෞද්ගලික දේපළවලට හානි කිරීම වැනි සිද්ධීන් පිළිබඳ තොරතුරු දැනුම් දීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය මගින් ක්ෂණික දුරකතන අංක කිහිපයක් ලබා දී තිබෙනවා.
ඒ වෙනුවෙන් 076 739 3977 , 011 244 1146 හෝ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දුරකතන අංකය වන 118 ට අංකනය කළ හැකියි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්