ඇපල්, මිදි සහ පෙයාර්ස් ආනයනය වෙනුවෙන් ගෙවුණු මාස හයේ දී පමණක් රුපියල් කෝටි තුන්සිය අටකට අධික මුදලක් (රුපියල් 308,021,613,1ක්) වැය වී ඇත.
ඇපල් කිලෝග්‍රෑම් අසූපන් ලක්ෂ තිස් දෙදහස් හයසිය හැත්තෑවක් ආනයනය කර තිබෙන අතර ඒ වෙනුවෙන් රුපියල් එකසිය අසූ හතර කෝටි අනූ හතර ලක්ෂ හතළිස් තුන්දහස් හතළිස් තුනක් වැය කර ඇත.
මිදි ආනයනය සඳහා වැය කර ඇති මුදල එකසිය දහඅට කෝටි දාහතර ලක්ෂ තිස්හත්දහස් නවසිය විසි අටක් වෙයි. ආනයනය කර ඇති මිදි ප්‍රමාණය කිලෝග්‍රෑම් විසිපන් ලක්ෂ අසූ අටදහස් පන්සිය හැත්තෑ හතකි. පෙයාර්ස් කිලෝග්‍රෑම් එක්ලක්ෂ හැත්තෑ දහස් අටසිය පනස් හතරක් ආනයනය කර තිබෙන අතර ඒ සඳහා රුපියල් හාරකෝටි අනූ තුන්ලක්ෂ තිස්පන්දහස් එකසිය හැටක් වැය කර ඇත.
මෙතරම් මුදල් ප්‍රමාණයක් වැය කර ඇත්තේ මෙම වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට ජුනි මස 30 වැනිදා දක්වා කාලය සඳහා බව රේගු දෙපාර්තමේන්තුවේ තොරතුරුවලින් අනාවරණය වෙයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්