මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු සිව් දෙනෙක්ට මීගමුව මහෙස්ත්රාත් අධිකරණයෙන් ඊයේ ඇප හිමිවුණා
හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා පසුගිය 02 වැනිදා පොලීසියට භාර වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබීය. එම භාර දීම සම්බන්ධයෙන් ද CCTV දර්ශණ වලින් අනාවරණය වන පරිදි සැකසහිත සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිරිසකට විශේෂ පහසුකම් සැපයීම සහ විවිධ වංචනික කටයුතු කිරීම සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර අධිකාරිවයාට සහ තවත් නිලධාරින් තිදෙනෙක්ට චෝදනා එල්ල වී තිබුණි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ