කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන්ට රටේ විවිධ ප්‍රදේශවලට ගමන් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අවසරයකින් තොරව හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ලබාදීම නතර කර ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුශාන් විජේසිංහ ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඉන්ධන ප්රශ්නය ඇතුළු හේතු කාරණා ගණනාවක් පදනම් කරගෙන එම තීරණයට එළඹුණු බවයි.
මේ අතර සිවිල් වැසියන්ට ද මුදල් ගෙවා ගුවන් හමුදා හෙලිකොප්ටර් වෙන් කර ගැනීමට ලබාදී තිබු පහසුකම ද සිමා කිරීමට ගුවන් හමුදාව විසින් තීරණය කර තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්