ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කොළඹ, ටොරිංටන්හී පිහිටි ක්‍රීඩක නේවාසිකාගාරවල පවතින අඩුපාඩු හා ගැටලු සොයා බැලීමට අද (21) උදෑසන හදිසියේම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එක්ව තිබෙනවා.
ඒ කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරවය.
ක්‍රීඩක නේවාසිකාගාරයේ අඩුපාඩු රැසක් දුටු ඇමතිවරයා කඩිනමින් මෙම අඩුපාඩු සකස් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරින්ට දැනුම් දී ඇත.
ක්‍රීඩකයින් පුහුණුවීම කර, මහන්සි වී පැමිණ නිදාගැනීමට භාවිත කරන ඇදන් දැඩි අබලන් තත්ත්වය පැවති අනෙකුත් පහසුකම් වලද තත්ත්වය එසේම විය.මෙවැනි අඩුපාඩු සකස් කරදී ක්‍රීඩකයින්ගේ මානසිකත්වය ඉහළට ගෙනඒම පිළිබදව මෙහීදි කතාබහ වී තිබෙනවා.
රට වෙනුවෙන් ක්‍රීඩා කරන මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මව්බිම වෙනුවෙන් තමන්ගේ අනාගතයම කැපකරන බවත් ඔවුන්ව රැක බලාගැනීම ජාතියක් ලෙස අපගේ වගකීමක් බවයි
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වාදී ඇත්තේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට