අනුර දිසානායකගෙන් ප්‍රශ්න කිරීමට පෙර අගමැති මහින්ද රාජපක්ෂගෙන් ප්‍රශ්න කර පැමිණෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා අද (19) ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
ඊබ්‍රහිම් හජ්ජියාර් නැමැත්තා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළත් වීමට පෙර ඔහුට ගරු නම්බු නාම,සම්මාන,ලැබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව සමයේ වන හෙයින් ඒ දේවල් පිළිබඳ ප්‍රථමයෙන් ප්‍රශ්න කරන ලෙස සරත් වීරසේකර මහතාට සිහිපත් කරන බවයි බිමල් රත්නායක මහතා කියා සිටියේ.
”අපි සරත් වීරසේකර මහත්තයට කියන්න කැමති ඔබතුමා ඉස්සෙල්ලම සහරාන්ලට පඩි දුන්නේ කවුද? සහාරන් ඇතුළු 21 ට පඩි දුන්නේ කොහොමද? කියන එක පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතාගෙන් කටඋත්තර අරන් එන්න. මොකද මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ප්‍රසිද්ධියේ පිළිගත්තා ඔහුගේ ආණ්ඩුවෙන් සහරාන්ට පඩි දුන්නා කියල. ඒ කටඋත්තර අරන් ආවොත් අපට ලේසියි. ඊබ්‍රහිම් හජ්ජියාර් කියන ව්‍යාපාරිකයාට සම්මාන ලබා දුන්නා මහින්ද රාජපක්ෂ මහතා. ඒ 2015ට කලින්. ජවිපෙ ජාතික ලැයිස්තුවට එන්න කලින් ඒ සම්මාන දුන්න එක ගැනත් මහින්ද රාජපක්ෂ මහතාගෙන් කටඋත්තර ගන්න. තවත් ඇමතිවරු වර්තමාන ආණ්ඩුවේත් ඉන්න, හිටපු ඇමතිවරු ඔය ඊබ්‍රහිම් හජ්ජියාර් කියන ව්‍යාපාරිකයාට විවිධ ගරු සම්මාන, ගරු නාම දීලා තිබෙනවා. ඔහු ලංකාවටම අදාළ සමාදාන විනිශ්චය කාරවරයෙක් කරලා තිබෙනවා. ඒ ඔක්කොම 2015ට පෙර ජවිපෙ ජාතික ලැයිස්තුවට පෙර සිද්ධ වුණ දේවල්.” යනුවෙන් බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්