වසර 20කට පෙර ඉරාකයේ මහා පරිමාණ සමූල ඝාතන අවි ඇති බව පවසමින් ඇමරිකාව ඉරාක යුද්ධය ආරම්භ කළේය. ඉන් සිවිල් වැසියන් ලක්ෂ 2කට වැඩි පිරිසක් මිය ගිය අතර මිලියන 9කට වැඩි පිරිසක් අවතැන් වූහ. ඊනියා මහා පරිමාණ සමූල ඝාතන අවි ඇති බවට කළ ප්‍රකාශය බොරුවක් බව ඉන් පසු අදාළ සත්‍ය වලින් පෙන්නුම් කර තිබේ. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා පැවසුවේ බොරුවක් මුවාවෙන් ඇමරිකාව සිදු කළ ඉරාක යුද්ධයෙන් ඉරාකය හා මැදපෙරදිග ප්‍රදේශයට දැඩි ආපදාවක් ගෙනවිත් ඇති බවයි. ඉන් ලෝක සාමය හා ස්ථාවරත්වයට හානිකර බලපෑම් සිදුව තිබේ. ඒ පිළිබඳව ඇමරිකාවට ස්වයං විවේචනාත්මකව සිතිය යුතු අතර ඉන් ලෝකයට අනතුරු ඇඟවීම් ලබා දී ඇති බව ද Wang Wenbin මහතා පැවසීය. ඉරාක යුද්ධයෙන් පසු ඇමරිකාව ලිබියාවේ හා සිරියාවේ ගැටුම් වලට එක් වෙමින් සෑම තැනකම ඇමරිකානු ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කිරීමේ නිරත වී තිබේ. ඇමරිකානු ආධිපත්‍යය වෙනුවෙන් ඉදිරි වසර 20ක් පුරා පිරිවැය ගෙවනු ඇත්තේ කවර රටක් දැයි ජනතාව තුළ සැක උපදවන බව Wang Wenbin මහතා පෙන්වා දුන්නේය.
ඇමරිකානු ආධිපත්‍යය වෙනුවෙන් ඉදිරි වසර 20ක් පුරා පිරිවැය ගෙවනු ඇත්තේ කවර රටක් දැයි ජනතාව තුළ සැක උපදවන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි

More Stories
චීන රජය මියන්මාරයට ලබා දෙන දෙවන සහනාධාර තොගය හෙට පිටත් කෙරේ
ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාව චීනය ප්‍රතික්ෂේප කරයි
තායිවාන දූපත ආසන්නයේ “Strait Thunder-2025A” නම් චීන හමුදා යුද අභ්‍යාසයක්