චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකාවේ වේලාවෙන් 15 වැනි දා රාත්‍රියේ ඇමරිකානු මිත්‍ර සංගම් ඒකාබද්ධව සංවිධාන කළ විශේෂ පිළිගැනීමේ භෝජන සංග්‍රහයට එක් වෙමින් දේශනයක් සිදු කළේ ය.
එහිදී ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේ, අප සිටින්නේ අභියෝග සහ වෙනස්කම්වලින් පිරුණු යුගයක, නමුත් බලාපොරොත්තුවලින් පිරුණු යුගයක ය. ලෝකයේ අනාගතය සඳහා චීනය සහ ඇමරිකාව අතර සහයෝගීතාව අවශ්‍ය වේ. එමෙන්ම අන්‍යෝන්‍ය ජයග්‍රහණ මත නිර්මාණය වන සහයෝගිතාව යනු කාලීන ප්‍රවණතාවයක් සහ චීන-ඇමරිකා සබඳතාවල පදනම බව, ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ ය.
එම අවස්ථාවට එක්ව සිටි අමුත්තන්ගෙන් ෂී ජින්පිං මහතාගේ වැදගත් දේශනයට ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයක් සහ උසස් ඇගයීමකි.
රැස්ව සිටි පිරිස එහිදී පෙන්වා දුන්නේ, මෙම දේශනය තුළින් ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකානු ජනතාවට සිය මිත්‍රත්වයේ දෑත් දිගු කළ බවයි. මෙය ඓතිහාසික වශයෙන් වැදගත් අවස්ථාවකි. පොදු සමෘද්ධිමත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා දෙරටේ සන්නිවේදනය සහ සංවාද තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ද ඔවුහු පෙන්වා දුන්හ.
video-https://sinhalese.cri.cn/2023/11/17/VIDEF3XaPHiLZ5JJ8vayarir231117.shtml
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්