අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ මොහොමඩි අලි සබ්රි මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය අතර හමුවක් අද (08) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි
මෙහිදී මෙරට අධිකරණවල පවතින යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, බන්ධනාගාර තදබදය, විනිශ්චකාරවරුන් පුහුණු කිරීම වැනි කටයුතු පිළිබඳව වැඩි අවධානයක් යොමු වී තිබේ.
මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නීතීඥ ප්‍රියන්ත මායාදුන්න,අමාත්‍ය පෞද්ගලික ලේකම් නීතීඥ ජනක රණතුංග යන මහත්වරුන් සහභාගි විය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්