ඇමරිකානු බුද්ධි අංශ නීතිවිරෝධීව රහස්‍ය තොරතුරු සොරකම් කර ඇති බවට චීනය චෝදනා කරයි

“ගෝලීය වශයෙන් බහුලව භාවිතයට ගැනෙන ස්මාර්ට් ජංගම දුරකතන ඇතුළු උපාංග ඉලක්ක කර ගත් නීතිවිරෝධීව සවන්දීමේ සහ රහස්‍ය තොරතුරු සොරකම් කිරීමේ ඇමරිකානු බුද්ධි අංශ ක්‍රියාකාරකම්” යන වාර්තාවක් චීන සයිබර් ආරක්ෂණ කර්මාන්ත සන්ධානය ඊයේ (25) නිකුත් කළේය. ගෝලීය ස්මාර්ට් ජංගම උපකරණ,ජංගම නිෂ්පාදන සහ සැපයුම් දාම මෙන්ම මෙහෙයුම් සමාගම් ඉලක්ක කර ගනිමින් ඇමරිකාව සයිබර් ප්‍රහාර, නීතිවිරෝධීව සවන්දීමේ සහ රහස්‍ය තොරතුරු සොරකම් කිරීමේ ක්‍රියාකාරකම් දියත් කර ඇති බව එම වාර්තාව අනාවරණ කර ඇත.

මේ සම්බන්ධයෙන්, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ (25) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වීය. සැපයුම් දාම සහ ස්මාර්ට් ජංගම සේවා මෙහෙයුම් සමාගම් හරහා සයිබර් ප්‍රහාර එල්ල කිරීමේදී ලොව ප්‍රමුඛතම රට ඇමරිකාව බව මෙම වාර්තාවෙන් හෙළිව ඇතැයි ද ඔහු පැවසීය. ඇමරිකාවේ එම ද්වේෂසහගත සයිබර් ක්‍රියාකාරකම් පිළිබඳව චීනය බරපතල කණස්සල්ල පළ කරයි. අදාළ ක්‍රියාමාර්ග වහාම නතර කරන ලෙසත්, විශේෂයෙන් ගෝලීය සැපයුම් දාමය භාවිතා කරමින් ද්වේෂසහගත සයිබර් ක්‍රියාකාරකම් සිදු කිරීම නවත්වන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකවරයා පැවසීය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com