චීන ජාතික පරිගණක වෛරස් හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානය සහ චීන අන්තර්ජාල ආරක්ෂණ 360 සමාගම ඒකාබද්ධව සිදු කළ සමීක්ෂණ වාර්තාවක් අද(4) නිකුත් කළේය. එම වාර්තාව මගින් ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය වෙනත් රටවලට එරෙහිව සිදු කළ සයිබර් ප්රහාරයන් පිළිබඳ තොරතුරු හෙළිදරව් කෙරිණ. එය චීනය ඇතුළු වෙනත් රටවලට සිදු වූ සයිබර් ප්‍රහාරක සිද්ධි පිළිබඳ සවිස්තර වාර්තාවකි. ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සියේ සයිබර් ප්‍රහාර, රහස්‍ය තොරතුරු සොරකම් කිරීම සහ අදාළ මාර්ගගත නොවන හානිකර ක්‍රියාකාරකම් මෙන්ම ඇමරිකාවේ හැසිරීම් පිළිබඳව එම වාර්තාවෙන් ගැඹුරු ලෙස විශ්ලේෂණය කර ඇත. එම වාර්තාව ගෝලීය සයිබර් ප්‍රහාරවලට ගොදුරුවූවන් සඳහා උපදෙස් ද සපයනු ඇත.
දිගු කාලයක සිට ඇමරිකාවේ මධ්‍යම බුද්ධි ඒජන්සිය ලොව පුරා රහසිගතව “සාමකාමී පරිණාමයන්” සහ “වර්ණ විප්ලව” ක්‍රියාත්මක කර ඔත්තු බැලීමේ ක්‍රියාකාරකම් අඛණ්ඩව සිදු කරමින් සිටී.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි