ඇමරිකානු යුද ප්‍රකෝප කිරීම්වලට එරෙහිව, තම රටේ ප්‍රතිචාරය සාධාරණ සහ නීත්‍යනුකූල බව චීනය පවසයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා ඊයේ (7) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.
ඇමරිකානු යුද නෞකාවට එරෙහිව චීනයේ ක්‍රියාමාර්ග “ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති” බවත්, චීනයේ “හිරිහැර කිරීම්” වලට දැඩි ලෙස විරුද්ධ වන බවත් එරට ඩිමොක්රටික් පක්ෂයේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩල සාමාජික Ben Cardin පවසා තිබේ.
2022 වසරේ දී පමණක්, ඔත්තු බැලීමේ නිරත විශාල පරිමාණයේ ඇමරිකානු ගුවන් යානා, චීනය පිළිබඳ ඔත්තු බැලීම් 800 කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු කර ඇත. 2022 දී, ඇමරිකානු හමුදාව නැවත නැවතත් චීන දකුණු මුහුදට සහ ඒ අවට ප්‍රදේශවලට ගුවන් යානා වාහක යාත්‍රා යවා ඇත.
ඇමරිකානු යුද ප්‍රකෝප කිරීම් හමුවේ, පවතින නීති රෙගුලාසිවලට අනුකූලව චීනය ක්‍රියාවට නැංවූ මුහුදු සහ ගුවන් ප්‍රතිචාර, සාධාරණ සහ නීත්‍යනුකූල වන බව Wang Wenbin මහතා අවධාරණය කළේය. එසේම “හිරිහැර කිරීම්” පිළිබඳ අනිසි චෝදනා චීනයට කිසිසේත් අදාළ නොවන බවත් ඔහු පෙන්වාදෙයි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි