කලාපීය චාරිකාවක් අතරතුර ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලබන 28 වන දා ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තා වේ.සංචාරයේ අරමුණ පිළිබඳ කිසිදු පාර්ශවයක් මේ දක්වා අදහසක් ඉදිරිපත් කර නොමැත.දකුණු ආසියානු කලාපය කෙරෙහි, චීනයේ මැදිහත්වීම වැලැක්වීම මෙම සංචාරයේ අරමුණ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මාලදිවයින ,ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීම සිදු වන්නේ ඇමරිකා ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර වීම ද විශේෂත්වයකි.ඉන්දියානු සංචාරයෙන් පසු පැය 4 ක පමණ කාලයක් සදහා ඔහු ලංකාවට පැමිණෙන බවයි වාර්තා වන්නේ.එහි දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ අමාත්‍යාංශයේ නිළධාරීන්
ද හමුවීමට සුදානම් බව ද වාර්තා වේ.
චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා වන යැං ජිචි මේ මාසයේ කොළඹ සංචාරයක නිරත වුනා.කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හමුවේ වුව ද චීන රාජ්‍ය නියෝජිතයෙකු ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ඉන්දියාද සහ ඇමරිකාවට බලපෑමක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.
කොවිඩ් වසංගතය හමුවේ ලෝකයේ සියලුම රටවල් ආර්ථික හා සමාජමය වශයෙන් අකර්මණ්‍ය වුව ද, චීන ඇමරිකා වෙළද අර්බුදයේ උණුසුම් තව තවත් වැඩිවෙමින් පවතින බවයි විදෙස් විචාරකයින් පෙන්වා දෙන්නේ.මෙම අර්බුදය හමුවේ චීන හා ඇමරිකා නියෝජිතයන් මෙරටට පැමිණීම කලාපීය රටවල විශේෂ අවධානයට යොමුව තිබේ.
චීනය උපායමාර්ගිකව යටිතල පහසුකම් සංවර්ධන සදහා මූල්‍ය පහසුකම් සැපයීමෙන් ආසියානු කලාපයේ රටවල් ණය උගුලකට හසු කර ඇති බවට ඇමරිකාව චෝදනා කරයි.එවැනි පසුබිමක ඇමරිකාව මෙරට සම්බන්ධයෙන් සිදු කරන මැදිහත්වීම කුමක් ද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු පැහැදිලි කිරීමක් නොමැත.
පැය කිහිපයකට පමණක් කොළඹට පැමිණෙන ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට සමග කුමන ගිවිසුමකට එක් වීමට සුදානම් ද?එය MCC ගිවිසුම්ගත වීමේ ආරම්භයක් ද යන්න විවේචන පවතී.
මයික් පොම්පියොගේ සංචාරය තහවුරු කරමින් ඇමරිකානු ආරක්ෂකයින්,සත්කාරක නිළධාරීන් සහ එරට බුද්ධි අංශ නිළධාරීන් ඇතුළු පිරිසක් ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණ තිබෙනවා .ඇමරිකානු ගුවන් හමුදාවට අයත් ආර්,සී,එච් 1815 දරණ ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
චීනය සමග පුළුල් ආර්ථික සබදතා ගොඩනගා ගෙන ඇති මොහොතක, ශ්‍රී ලංකාව ඇමරිකාව සමග ඇති කර ගන්නා එකගතාවය වර්තමාන රජයේ අන්තර්ජාතික සහයෝගිතාව කේසේද යන්න තීරණය කිරීමේ ප්‍රධාන සන්ධිස්ථානයක් වනු ඇත.
-ධීරේ-
More Stories
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
“එක් රටක් ක්‍රම දෙකක්”ප්‍රතිපත්තිය මැකව් හි ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවට CGTN මත විමසුමකින් අනාවරණය කෙරේ
සංවර්ධනයෙන් පිබිදෙන චීන මැකව් විශේෂ පරිපාලන කලාපය