මිනිසුන් සඳ මතට රැගෙන යාමේ ඉලක්කය අරමුණු කරගෙන ඇමරිකානු නාසා ආයතනය ලබන වසරේ පෙබරවාරි මාසයේ දී චන්ද්‍රයා වෙත මිනිසුන් රහිත ආටෙමිස් – එක යානය යැවීමට සැළසුම් කර තිබෙනවා.
ග්‍රීක පුරා වෘත්තයන්ට අනුව ආටෙමිස් යනු ඇපලෝ දෙවියන්ගේ නිවුන් සොහොයුරිය ලෙසයි.
නාසා ආයතනය මීට පෙර සැළසුම් කළේ මේ වසර අවසානයේ මිනිසුන් රහිත ආටෙමිස් එක සඳ මතට යවා 2024 වසරේදී ආටෙමිස් 3 යානයෙන් මිනිසුන් සඳ වෙත රැගෙන යාමටයි.
එහෙත් එම කාලසටහන පසුව සංශෝධනය කෙරුණා.
ආටෙමිස් එක යානය උඩු ගුවනට රැගෙන යාම සඳහා අඩි 322ක් උසැති දැවැන්ත රොකට්ටුව මේ වනවිට ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සවි කිරීම පසුගිය සතියේ සිදු කෙරුණු අතර, අවසන් පරීක්ෂාව ලබන ජනවාරි මාසයේ සිදු කිරීමට නියමිතයි.
ලබන වසරේ පෙබරවාරි 12 වනදා සිට 27 වැනි දා අතර කාලය තුළයි එය, සඳ වෙත යැවීමට සැළසුම් කර ඇත්තේ.
More Stories
තර්ජනය කිරීම චීනය සමග කටයුතු කිරීමේ නිසි ක්‍රමය නොවන බව චීනය පවසයි
සමබර සංවර්ධන ආකෘතියක් වෙනුවෙන් ජනපති ෂී ජින් පිං ඉදිරිපත් කළ කලාපීය සම්බන්ධීකරණ සංවර්ධන උපාය මාර්ගයෙන් සාර්ථක ප්‍රතිඵල
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය