ඇමරිකාවේ අතිරේක තීරුබදු පැනවීමට චීනයෙන් යළි විරෝධය

ඇමරිකාව අතිරේක තීරුබදු පැනවීමෙන් චීනයට පීඩනයක් හා තර්ජනයක් එල්ල කිරීම පිලිබඳව චීනය දැඩි විරෝධය පළ කරයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද(4) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

Fentanyl යන බලගතු වේදනා නාශකය පිළිබඳ ගැටළුව හේතුවෙන් ඇමරිකාව චීනයෙන් ආනයනය කෙරෙන නිෂ්පාදිතයන්ට තවත් 10%ක අතිරේක තීරු බද්දක් පැනවීමට ‍එරෙහිව Lin Jian මහතා ප්‍රතිචාර දක්වමින් පැවසුවේ, ඇමරිකාවේ එම ක්‍රියාවට චීනය අවස්ථා රැසකදී සිය දැඩි විරෝධය පළ කර ඇති බවයි. තම අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා චීනය අවශ්‍ය ප්‍රතිපියවර ගන්නා බව ද හෙතෙම අවධාරණය කළේය.

Fentanyl ගැටළුවට මූලික හේතුව ඇමරිකාව තුළම පවතී. එයට මුහුණ දීමට චීනය මානූෂීයත්වය මත ඇමරිකාවට උපකාර කිරීම සඳහා දැඩි පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, එය අගය කිරීම වෙනුවට, ඇමරිකාව හරි වැරැද්ද පටලවා ගනිමින් තම වගකීම් පැහැර හැර, මත්ද්‍රව්‍ය පාලන ක්ෂේත්‍රයේ දෙපාර්ශ්වය අතර සහයෝගීතාව බරපතල ලෙස විනාශ කර ඇතැයි ද Lin Jian මහතා වැඩිදුරටත් පවසා ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com