චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත සුබ පැතුම් පිරිනමයි. හෙතෙම අද(07) එම පණිවිඩය යොමු කළේය.
ඉතිහාසය සනාථ කර ඇත්තේ චීනය සහ ඇමරිකාව සහයෝගයෙන් කටයුතු කිරීමෙන් අන්‍යෝන්‍ය වශයෙන් ප්රතිලාභ ලබා ගත හැකි නමුත් සටන් කරන්නේ නම් එකිනෙකාට හානි සිදු වනු ඇති බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. ස්ථාවර, තිරසර හා නිසි අයුරින් ඉදිරියට පවත්වා ගෙන යන චීන-ඇමරිකා සබඳතාව දෙරටේ පොදු ප්‍රතිලාභවලටත් ජගත් ප්‍රජාවේ අපේක්ෂාවන්ටත් අනුකූල වෙයි. අන්‍යෝන්‍ය ගරුත්වය, සහජීවනය, සහයෝගයෙන් පොදු-ජයග්‍රාහී බව මත පදනම් ව දෙරට සංවාදය තහවුරු කරන අතර, මතභේද නිසියාකාරයෙන් විසඳා ගත හැකි වෙතැයි ෂී ජින්පිං මහතා අපේක්ෂා පළ කරයි. එමෙන් ම, පොදු-ප්රතිලාභ සහිත සහයෝගිතා පුළුල් කරමින් නවයුගයේ චීනය හා ඇමරිකාව අතර නිවැරදි ගමනක් ආරම්භ කර දෙරටට මෙන් ම ජනතාවටත් සුබසිද්ධීන් ලබා දීමට අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කළේය.
එසේ ම, චීන උප ජනාධිපති Han Zheng මහතා ද ඇමරිකාවේ නව උප ජනාධිපති James David Vance මහතා වෙත අද(07) සුබ පැතුම් පණිවිඩයක් පිරිනැමීය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි