
මුහුදේ යාත්‍රා කිරීම වුව ද සිතු සේ කළ නොහැකි අතර, යාත්‍රා කිරීමේ නිදහසට ද යම් සීමාවක් තිබිය යුතු බවත්, පසුගිය දා චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක මාධ්‍ය හමුවකදී අවධාරණය කර ඇත. ඔහු එසේ ප්‍රකාශ කළේ, ඇමරිකානු ජාතිකාරක්ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ 2023 මූල්‍ය වර්ෂයේ යාත්‍රා කිරීමේ නිදහස පිළිබඳ වාර්තාව උපුටා දක්වමිනි.
පසුගිය වසරේ සිට මේ දක්වා පිලිපීනය වරින් වර චීනයේ Ren’ai ගල්පරය හා Huang yan දූපත ආශ්‍රිත වෙරළේ අනවසරයෙන් යාත්‍රා කර තිබේ. එපමණක් නොව ඇමරිකාව හා ජපානය සමග එක්ව පිලිපීනය පළමු වරට ත්‍රෛපාර්ශ්වික නායක සමුළුවක් පවත්වමින් දකුණු චීන මුහුදේ ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනයට අසාධාරණ ලෙස චෝදනා එල්ල කර ඇත. මෙම සිද්ධීන් සියල්ල පිටුපස සිටින ඇමරිකාව යළි යළිත් “යාත්‍රා කිරීමේ නිදහස”ඉස්මතු කරයි.
මෙලෙස ඇමරිකාව සඳහන් කරන “යාත්‍රා කිරීමේ නිදහස”යනු සැබවින්ම කිසිවකුගේ නිදහසක් නොවේ. එය ඇමරිකාව සිය හමුදා හා රාජ්‍යතාන්ත්‍රික වාසි මෙන් ම සාගරයේ සිය ආධිපත්‍යය රැකගැනීම උදෙසා අපේක්ෂා කරන නිදහසකි. අදාළ සංඛ්‍යා ලේඛන අනුව, 2022 වසර වන විට රටවල් 60කට වැඩි සංඛ්‍යාවකට අයත් මුහුදු ප්‍රදේශවල ඇමරිකාව එම “යාත්‍රා කිරීමේ නිදහස”භුක්ති විඳ ඇත. ඇමරිකාවේ මෙවැනි ක්‍රියාමාර්ග, ඔවුන් ප්‍රකාශ කරන “ජාත්‍යන්තර නැව් ප්‍රවාහන මාර්ගවල ආරක්ෂාව හා සමුද්‍රීය වෙළඳාමේ සමෘද්ධිය පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ”සමග කිසිදු සම්බන්ධයක් නොමැත.
චීනයේ හා ආසියාන් සංවිධානයේ පොදු උත්සාහය යටතේ දකුණු චීන මුහුදේ නිදහසේ යාත්‍රා කිරීම පිළිබඳ ගැටළුවක් මතුව නොමැත. එහෙත් ඊට බාධා එල්ල වී ඇත්තේ ඇමරිකාව යළි යළිත් ප්‍රකාශ කරන මෙම “යාත්‍රා කිරීමේ නිදහස”ය. ඒ අනුව මෙම නිදහස මුවාවෙන් සිය නාවික ආධිපත්‍යය පතුරුවා ගැනීමට ඇමරිකාවට ඇති නොනිමි ආශාව සියලු ගැටළුවලට මූලය බව අමුතුවෙන් කිව යුතු නැත.
More Stories
සිය සළුපිළි උනා දැමූ ඇමරිකාව ගැන චීනයේ මතය
සමස්ත ආසියානු ජනතාවගේ පොදු අපේක්ෂාවන් පිළිබිඹු කරන චීනයේ අලුත් අවුරුදු තෑග්ග…
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්