ඇමරිකාවේ නිවාස අහිමි පුද්ගලයන්ගේ සංඛ්‍යාව 650000 ඉක්මවන බව ඇමරිකාවේ නිවාස හා නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය 15 වැනිදා එම දෙපාර්තමේන්තුව නිකුත් කළ 2023 වාර්තාවේ මේ බව දැක්වේ. එය 2007 වසරේ සිට මේ දක්වා වාර්තා වූ ඉහළම අගයයි.
නිවාස අහිමි පිරිස වැඩිවීම කෙරෙහි බලපා ඇති සාධක රැසක් පවතින බව එම වාර්තාවේ සඳහන් වේ. නිවාස කුලී අඛණ්ඩව ඉහළ යාම ඉන් එකකි. 2022 වසරේ ඇමරිකාවේ නිවාස කුලී ගාස්තු පෙර වසරට වඩා දෙගුණයකින් වැඩි වී තිබේ.
ලොව අංක එකේ ධනවාදී රට වන ඇමරිකාවේ ධනවතුන් හා දුප්පතුන් අතර බරපතල විෂමතාවක් පවතී. නිවාස නොමැතිකමට සහ නිවාස අස්ථාවරත්වයට ප්‍රධාන හේතුව “අඩු ආදායම සහ ඉහළ කුලී අතර පරතරය” වන බව CNN පුවත් සේවය ද ඉකුත් 15 වැනිදා වාර්තා කළේය.
මේ අතර, එම ප්රශ්නය තුළ පවතින වාර්ගික වශයෙන් වෙනස්කොට සැලකීමේ ගැටළුව ද නොසලකා හැරිය නොහැකිය. එම වාර්තාවට අනුව, අප්‍රිකානු ඇමරිකානුවන් එරට සමස්ත ජනගහනයෙන් 13% ක් වුවද, ඔවුහු නිවාස නොමැති පිරිසෙන් 37% ක් පමණ වෙති. ලතින් ඇමරිකානුවන්, ඇමරිකානු ජනගහනයෙන් 19% ක් පමණ වුවද, ඔවුන් නිවාස නොමැති සමස්ත පිරිසෙන් 33% ක් ලෙස ද වාර්තා වී තිබේ.

More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය