චීනයේ ඇමරිකා බුද්ධි තොරතුරු ජාලය යළි ස්ථාපිත කිරීමේ ප්‍රගතියක් ලබා ගෙන ඇති අතර බුද්ධි තොරතුරු එක්රැස් කිරීමේ බලවත් හැකියාව ගොඩනැගීමට උත්සාහ දරන බව ඇමරිකා මධ්‍යම බුද්ධි තොරතුරු ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් William Burns මහතා මෑතකදී පැවසීය. ඒ පිළිබඳව චීනය අවධානය යොමු කරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ (24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවාය. ජාතික ආරක්ෂාව දැඩිව රැක ගැනීම වෙනුවෙන් චීනය සියළු අවශ්‍ය පියවර ගනු ඇත. ඊනියා චීන ඔත්තුකරුවන් හා සයිබර් ප්‍රහාර යනාදී අසත්‍ය තොරතුරු පතුරුවන අතරම චීනය වෙත මහ පරිමාණ ඔත්තු බැලීමේ ක්‍රියාකාරකම් සිදු කරන බවට ඇමරිකාව පැහැදිලිව ප්‍රකාශ කළේය. එම ක්‍රියාවෙන් ඇමරිකාවේ පරස්පර විරෝධී ප්‍රකාශ සහ ක්‍රියා පැහැදිලිව පෙන්නුම් කෙරෙන බව Mao Ning මහත්මිය පැවසුවාය.
ඇමරිකාවේ පරස්පර විරෝධී ප්‍රකාශ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයෙන් ප්‍රකාශයක්

More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි