ඇමරිකාවේ ඉහළම බෝවන රෝග විශේෂඥයා නීති සම්පාදකයින්ට පවසා ඇත්තේ එක්සත් ජනපදය සමහර ප්‍රාන්තවල කොරෝනා වයිරස් ආසාදනවල “කැළඹිලි සහගත නැගීමක්” දකින බවයි.
වෛද්‍ය ඇන්තනි ෆවුසි ඇතුළු සෞඛ්‍ය නිලධාරීන්ගේ මණ්ඩලයක් පැවසුවේ නව ව්‍යාතීන් වලක්වා ගැනීම සඳහා ඉදිරි දින කිහිපය ඉතා වැදගත් බවයි.
එක්සත් ජනපද ප්‍රාන්ත ගණනාවක් හරහා වෙෙරස ආසාදනය වේගයෙන් ඉහළ යමින් පවතී.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් “මන්දගාමී” පරීක්ෂණ පවත්වන ලෙස කිසි විටෙකත් පවසා නැති බව ඉහළ ප්‍රවීණයන් සිව්දෙනා ද සාක්ෂි දුන්නා.
ඒ ට්‍රම්ප් මහතා ඔක්ලහෝමා හි සති අන්ත රැලියක් පැවැත්වීමෙන් පසු නිල අසාදන දත්ත ගණන් අඩු කර ගැනීම සඳහා අඩු පරීක්ෂණයක් කරන ලෙස තම කණ්ඩායමෙන් ඉල්ලා සිටි බව ප්‍රකාශ කිරීමෙන් පසුව යි.
“මගේ දැනුමට අනුව, අප කිසිවෙකුටත් පරීක්‍ෂණය මන්දගාමී වන ලෙස පවසා නැත,” වසංගතයට එක්සත් ජනපදය දක්වන ප්‍රතිචාරය පිළිබඳව විමර්ශනය කරන කොංග්‍රස් කමිටුවකට ජාතික අසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ෆවුසි සාක්ෂි දුන්නා.
“ඇත්ත වශයෙන්ම, අපි තවත් පරීක්ෂණ සිදු කරනවා,” ඔහු තවදුරටත් පැවසුවා.
More Stories
2025 වසරේ බෝ ආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට චීන උප අගමැති එක් වෙයි
කැනඩා-ඇමරිකා සමීප සබඳතා පැවති යුගය අවසන් වූ බවට කැනඩා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය යළි සහතික කරන ඩෙන්මාර්කයෙන් ඇමරිකාවට විරෝධය