ඇමරිකාවේ බොහෝ ප්‍රදේශවලින් වෙඩි තැබීමේ සිද්ධීන් වාර්තා වෙයි. පසුගිය 25 වනදා රාත්‍රී ඇමරිකාවේ Oklahoma නගරයේ පැවති මධ්‍ය විද්‍යාල ඇමරිකන් පාපන්දු තරඟයකදී වෙඩි තැබීම සිදු විය. ඉන් 16 හැවිරිදි තරුණයෙක් මිය ගිය අතර දෙදෙනෙකුට තුවාළ සිදුවිය. අපරාධකරුවන් පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු බවට සැක කරන පොලීසිය විමර්ශන සිදු කරයි.
එදිනම Chicago නගරයේ බේස් බෝල් තරගයකදී ද වෙඩි තැබීමක් සිදුව තිබේ. ඉන් පුද්ගලයෝ දෙදෙනෙක් තුවාළ ලැබූහ. ඊයේ(26) Boston නගරයේ ද වෙඩි තැබීමක් සිදු විය. ඉන් තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 8 දෙනෙකි. සැකකරුවෝ දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ. එදිනම Jacksonville නගරයේ වෙළඳසැලක වෙඩි තැබීමක් සිදු විය. සුදු ජාතිකයෙක් වන තුවක්කුකරු සහ අප්‍රිකා සම්භවයක් සහිත පුද්ගලයෝ තුන් දෙනෙක් ඇතුළු 4 දෙනෙක් මිය ගියහ.
More Stories
සිය සළුපිළි උනා දැමූ ඇමරිකාව ගැන චීනයේ මතය
සමස්ත ආසියානු ජනතාවගේ පොදු අපේක්ෂාවන් පිළිබිඹු කරන චීනයේ අලුත් අවුරුදු තෑග්ග…
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්