යුරෝපා සංගමය ඇමරිකාවේ Meta සමාගම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කරයි. එම සමාගමට අයත් Facebook සහ Instagram යන සමාජ මාධ්‍ය ජාල දෙකට එරෙහිව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි යුරෝපීය කොමිසම ඊයේ (16) ප්‍රකාශ කළේ ය. යුරෝපා සංගමයේ “ ඩිජිටල් සේවා පනතේ ” බාල වයස්කරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ රෙගුලාසි අනුව එම පරීක්ෂණය පවත්වන බව එම කොමිසම නිවේදනය කර ඇත.
Facebook සහ Instagram යන මාධ්‍යන්හි ඇල්ගොරිතම සහ අතුරුමුහුණත් සැලසුම්වල අවදානම් පවතින බැවින් එය බාල වයස්කරුවන්ගේ චර්යාත්මක ඇබ්බැහි වීමට හේතු වේ. යුරෝපීය කොමිසම Meta සමාගමේ වයස පරීක්ෂා කිරීමේ මෙවලම් පිළිබඳව ද කණස්සල්ල පළ කර තිබේ. බාල වයස්කරුවන්ගේ පෞද්ගලිකත්වය හා ආරක්ෂාව ඵලදායී ලෙස ආරක්ෂා කිරීම සඳහා සුදුසු පියවර ගෙන නොමැති බව ද යුරෝපීය කොමිසම වැඩිදුරටත් සඳහන් කර ඇත.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්