ඇමරිකාවේ NewYork නගරයේ Manhattan ප්‍රදේශයේ ඊයේ(4) උමං දුම්රිය ගැටීමකින් අනතුරක් සිදුව ඇත. උමං දුම්රියේ ගැටීමෙන් දුම්රියක් පීලි පැනීමට ද ලක් විය. අනතුරට පත් දුම්රියේ පුද්ගලයන් 300ක් පමණ ගමන් කරමින් සිටි බව වාර්තා වේ. ඉන් තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 24කි. අවම වශයෙන් පුද්ගලයන් 8 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර කිසිවෙකුටත් බරපතල තුවාල සිදුවී නොමැත. ගමනාගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ මෙම අනතුරට ගමනාගමන සහ සන්නිවේදන පහසුකම් අබලන් තත්ත්වයේ පැවතීම හේතු නොවනු ඇති බවයි.
More Stories
ෂී ජින් පිං සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්
චීන හමුදා ජ්‍යෙෂ්ඨයන්ට චීන ජනපතිගෙන් වසන්ත උත්සවයට සුබ පැතුම්
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්