ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කළ TikTok පනත සාධාරණත්වයෙන් තොර පනතක් බව චීනය පවසයි. එම පනතට අනුව, චීනයේ ByteDance සමාගම සිය TikTok මෘදුකාංගය පාලනය කිරීමෙන් ඉවත් නොකරන්නේ නම් ඇමරිකාව තුළ TikTok භාවිතය තහනම් කිරීමට ඇමරිකාව පියවර ගනු ඇති බව සඳහන් වේ. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(14) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී එම පනතට විරෝධය පළ කරමින් අදහස් ප්‍රකාශ කළේය.
ඇමරිකාවේ මෙම ක්‍රියාවලිය සාධාරණ තරඟකාරිත්වයේ මූලධර්මය සහ ජාත්‍යන්තර ආර්ථීක හා වෙළඳ න්‍යාය උල්ලංඝනය කිරීමක් බව චීනය පවසයි. ජාතික ආරක්ෂාව සුරැකීමේ නාමයෙන්, කිසිදු සාධාරණ හේතුවකින් තොරව සෙසු රටවල දියුණු සමාගම් මෙලෙස මර්දනය කිරීම සම්පූර්ණයෙන්ම සාධාරණත්වයෙන් තොර ක්‍රියාවලියක් බවයි චීනය පවසන්නේ.
ඇමරිකාවේ TikTok පනතට චීනයේ දැඩි විරෝධය

More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ