ඊශ්‍රායලයේ වැදගත්ම සන්ධාන රට ලෙස ඇමරිකාව දිගු කලක් පුරා එරටට අවි ආයුධ සපයා ඇත. ඇමරිකානු Brown විශ්වවිද්‍යාලය ඊයේ(7) නිකුත් කළ සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව, පසුගිය වසරේ ඔක්තෝබර් 7වනදා සිට මේ දක්වා ඇමරිකාව, ඊශ්‍රායලයට අවම වශයෙන් ඇ.ඩො. බිලියන 17.9ක යුද ආධාර ලබා දී ඇති අතර එය නව ඓතිහාසික වාර්තාවකි.
ඊශ්‍රායලය ඇමරිකාවේ විශාලතම යුද ආධාර ලබන රටයි. 1959 වසරේ උද්ධමනය සැකසීමෙන් අනතුරුව මේ වන විට ඇමරිකාව ඊශ්‍රායලයට සපයා ඇති යුද ආධාරවල සමස්ත වටිනාකම ඇ.ඩො. බිලියන 251.2ක් බව ද එම වාර්තාවේ දැක්වේ.
මෙවර පලස්තීන-ඊශ්‍රායල ගැටුම ආරම්භ වීමෙන් පසුව ඇමරිකාව ‘සටන් විරාමයක් ඉල්ලා සිටින’ අතර අනෙක් පසින් ඊශ්‍රායලයට අඛණ්ඩව විශාල පරිමාණයෙන් යුද ආධාර ලබා දී තිබේ. මෙමගින් ඇමරිකානු ප්‍රතිපත්තියේ අයුක්ති සහගත බව හා ව්‍යාජභාවය අනාවරණය කෙරෙන බව මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි