අමෙරිකානු වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාව කොවිඩ් අවදානම සම්බන්ධයෙන් 4වන මට්ටමේ එනම් ඉහළම අවදානම් රටවල් අතරට එකතු කර තිබෙනවා.
ඒ, මේ වන විට පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින්.
අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා මෙරට සංචාරය කිරීමට අපේක්ෂා කරන්නේ නම්, ඊට පෙර පූර්ණ එන්නත්කරණයට ලක්වී සිටිය යුතු බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.
ශ්‍රී ලංකාවට අමතරව ජැමෙයිකාව සහ බෘනායි යන රටවල් ද අමෙරිකාව විසින් ඉහළ අවදානම් රටවල් අතරට ඇතුළත් කර තිබෙනවා.
දැනට පවතින වසංගත තත්ත්වය තුළ පූර්ණ එන්නත්කරණයට ලක්වූ අයෙකු වුවද කොවිඩ් ආසාදනය වීමේ හා පැතිරවීමේ හැකියාව ඇති බවයි අමෙරිකානු වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්