පලස්තීන-ඊශ්‍රායල ගැටුම සම්බන්ධ අවස්ථාවලදී ඇමරිකාව වරින් වර සිය නිෂේධ බලය අයුතු ලෙස භාවිත කිරීම ප්‍රධාන රටක් ලෙසට පැවරි ඇති වගකීම් පැහැර හැරීමක් බව චීනය පවසනවා
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා මේ බව පැවසුවේ නිෂේධ බලය භාවිත කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඊයේ(01) පැවැත්වූ රැස්වීමක් අමතමිනි.
ඇමරිකාව යුක්ති සහගත ස්ථාවරත්වයක සිටිමින් ගාසා තීරයේ පවතින ගැටුම් නැවැත්වීමටත් ව්‍යසනය සමනය කිරීමටත් සිය කාර්යභාරය ඉටු කළ යුතු බව හෙතෙම කියාසිටියා. විවිධ පාර්ශ්වයන් සමඟ එක්ව පලස්තීන ගැටළුව සදාචාරත්මක, සාධාරණ අයුරින් විසඳීමටත්, පලස්තීනයේ හා ඊශ්‍රායලයේ යහපැවැත්මට මෙන්ම මැදපෙරදිග ප්‍රදේශයේ තිරසර සාමය වෙනුවෙන් ද කටයුතු කිරීමට චීනය සූදානම් බව ද Fu Cong මහතා එහිදී සඳහන් කර තිබෙනවා
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ