චීන උසස් රාජ්‍යතාන්ත්‍රික නිලධාරී වං යී සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටෝනී බ්ලින්කන් යන මහත්වරුන් අතර ජකර්තා නුවරදී පැවති හමුව සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා විස්තර කරයි.
අන්තර්ජාල ආරක්ෂාව හා මත්ද්‍රව්‍ය මර්දනය ඇතුළු ප්‍රශ්න පිළිබඳ චීනයේ ස්ථාවරය වං යී මහතා එහිදී පැහැදිලි කළ බව වං වෙන්බින් මහතා කියාසිටියේය.
චීන රාජ්‍ය අංශ දිනපතාම පාහේ දැවැන්ත සයිබර් ප්‍රහාරවලට ලක්වන අතර ඉන් වැඩි ප්‍රමාණයක් ආරම්භ වන්නේ ඇමරිකාවෙන් බවත් චීනය අන්තර්ජාල ප්‍රහාරවලින් බහුලවම බලපෑම් විඳින රට බවත් වං වෙන්බින් මහතා කියාසිටියේය.
මෙම හමුවේදී දෙපාර්ශ්වය Fentanyl ප්‍රශ්නය පිළිබඳව ද සාකච්ඡා කර ඇත. ඇමරිකාවේ අවශ්‍යතාවය සලකමින්, චීන ඇමරිකා සම්බන්ධතාවයේ සමස්තය ද සලකා බලමින්, චීනය මීට වසර කිහිපයකට පෙර Fentanyl වර්ග, දැඩි පාලන නාමාවලියකට ඇතුලත් කර තිබෙන බව වං යී මහතා එහිදී පැහැදිලි කළේය. මේ වන තෙක්ම එබඳු තීරණයක් ගත් වෙනත් රටක් ලොව බිහි වී නොමැත.
ඇමරිකාව චීනය දැරූ මෙම උත්සාහය මඟහැර, යළිත් ඒ සම්බන්ධයෙන් චීනය අපකීර්තියට ලක් කිරීමටත් සිය වගකීම චීනය මත පැවරීමටත් උත්සාහ කළේය. මත්ද්‍රව්‍ය මර්දන කටයුතුවල නියුක්ත චීන ආයතනවලට ඇමරිකාව පැනවූ සම්බාධක කඩිනමින් ඉවත් කළ යුතු බව වං යී මහතා එම හමුවේදී අවධාරණය කළ බව ද වං වෙන්බින් මහතා සඳහන් කර ඇත.
ඇමරිකාව කඩිනමින් චීනයේ මත්ද්‍රව්‍ය පාලන ආයතනවලට එරෙහි සම්බාධක ඉවත් කළ යුතු බව චීනය පවසයි

More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි