චීනයේ තායිවාන ප්‍රදේශයට ඇමරිකානු ෙඩාලර් මිලියන 345ක වටිනාකමින් යුත් අවි සහනාධාර ලබා දීම සම්බන්ධයෙන් ඇමරිකාව කෙරෙහි චීනය දැඩි විරෝධය පළ කරයි.
චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක Tan Kefei මහතා ඊයේ (1) පැවති මාධ්‍ය හමුවේදී ඒ බව ප්‍රකාශ කළේය.
ඇමරිකාවේ ධවල මන්දිරයේ වෙබ් අඩවියේ වාර්තාවකට අනුව,මෑතකදී ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට ඇමරිකානු ඩොලර් මිලියන 345ක වටිනාකමින් යුත් අවි උපකරණ, යුද පුහුණු ඇතුළු යුද හමුදා සහනාධාර සපයනු ඇත. ඒ සඳහා ජෝ බයිඩන් ආණ්ඩුව ප්‍රථම වරට “ජනාධිපති බලතල” භාවිත කළ බව ද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Tan Kefei මහතා පැවසුවේ ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි සහනාධාර ලබා දීම චීන අභ්‍යන්තර කටයුතුවලට දැඩි ලෙස මැදිහත් වීමක් බවයි.එය චීන ස්වාධිප්යයට සහ ආරක්ෂාවට බරපතල ලෙස හානි කරන අතර තායිවාන සමුද්‍ර සන්ධි දෙපසේ සාමයට සහ ස්ථාවරත්වයට බරපතල තර්ජනයකි. එබැවින් චීනය ඊට දැඩි ලෙස විරුද්ධ ව සිටියි. තායිවාන ප්රශ්නය චීනයේ කේන්ද්‍රීය ඵලප්‍රයෝජනයට ඇතුළත් වේ. එය චීන-ඇමරිකා සබඳතාවේ විධිමත් බව උදෙසා ඉක්මවා යා නොහැකි රේඛාවකි. තායිවාන ප්‍රදේශය සමග සියළු ආකාරයේ යුද සම්බන්ධතා නතර කරන ලෙසත් වැරදි හා අනතුරුදායික මාවතක නොයන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව Tan Kefei මහතා පැවසීය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි