චීනය, සිය සමාගම්වල නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ස්ථිරව ආරක්ෂා කරනු ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද (2) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී පැවසීය.
චීන අර්ධ සන්නායක අපනයනය තවදුරටත් සීමා කිරීමට ඇමරිකාව සූදානම් වීම පිළිබඳව වාර්තාකරුවෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඇමරිකාව විසින් ජාතිකාරක්ෂාව සාමාන්‍යකරණය කරමින් අපනයන පාලනය අවභාවිත කිරීමෙන් චීනයට එරෙහිව ද්වේෂසහගත අයුරින් පීඩා කිරීම සම්බන්ධයෙන් චීනය සැමවිටම දැඩි ලෙස විරුද්ධ වන බව Lin Jian මහතා කියා සිටියේය.
මෙම හැසිරීම වෙළඳපල ආර්ථිකයේ නීති සහ සාධාරණ තරඟකාරිත්වයේ මූලධර්මය බරපතල ලෙස උල්ලංඝනය කරන බව පැවසූ ඔහු, චීන සමාගම්වල නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ස්ථිර ලෙස ආරක්ෂා කිරීමට චීනය පියවර ගන්නා බව ද සඳහන් කර ඇත.
More Stories
ප්‍රජාතන්ත්‍රවාදිව දේශපාලනය කරපු JVP එක තහනම් කරා – ටිල්වින් සිල්වා
“වසන්තයේ චීනය: චීන අවස්ථා ලෝකය සමග බෙදා ගැනීම” නමැති ගෝලීය සංවාදය කොලොම්බියාවේ දී
“මෙක්සිකෝ බොක්ක” නැවත නම් කිරීම සම්බන්ධයෙන් Google සමාගමට එරෙහිව නඩු පැවරිය හැකියි– මෙක්සිකෝ ජනපති