ඊනියා බලහත්කාර ශ්‍රම භාවිතය හේතුවෙන් චීන සමාගම් 3ක් අපනයන සීමා කිරීමේ ලැයිස්තුවට එක් කරන බව ඇමරිකා රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුව ඊයේ(26) ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා අද(27) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ එම ක්‍රියාව හරහා චීන සංවර්ධනයට බාධා කිරීම ඇමරිකාවේ අරමුණ බවයි. ජාත්‍යන්තර වෙළඳ රෙගුලාසි හා වෙළඳ පටිපාටියට එමගින් හානි සිදු වන අතර චීනය එයට දැඩි විරෝධය පළ කරයි. චීන ෂින්ජියං උයිගුර් ජාතික ස්වායත්තයේ ඊනියා බලහත්කාර ශ්‍රම භාවිතය පවතී යන්න, සම්පූර්ණයෙන්ම චීනයට එරෙහි බලවේග චීනය වෙත චෝදනා එල්ල කිරීමට නිර්මාණය කළ අසත්‍යක් බව චීනය අවස්ථා රැසකදීම පැහැදිලි කර තිබේ. එය ෂින්ජියං උයිගුර් ජාතික ස්වායත්තයේ විවිධ ජාතින්ගේ අයිතිවාසිකම් ප්‍රායෝගිකව සහතික කිරීමේ සත්‍ය තත්ත්වයට සම්පූර්ණයෙන්ම වෙනස් බව ද Wang Wenbin මහතා අවධාරණය කර ඇත.
ඇමරිකාව චීන සමාගම් 3ක් වෙත අපනයන සීමා පැනවීම පිළිබඳ චීනයේ දැඩි විරෝධය

More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්