ඇමරිකාව ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනත උපයෝගී කර ගැනීමෙන් චීනයට සම්බන්ධ ඍණාත්මක අන්තර්ගතයන් එකතු කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි ලෙස විරෝධය පළ කරයි. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(27) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළා ය.
වාර්තාවලට අනුව, ඇමරිකානු සෙනෙට් සභාව මෑතකදී ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනතේ සංශෝධනයක් සම්මත කළේ ය.එම සංශෝධනය අනුව, ඇමරිකානු සමාගම් චීනයේ අධි තාක්‍ෂණික ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමේදී ඇමරිකානු රජයට වාර්තා කළ යුතු ය.
මේ පිළිබඳ Mao Ning මහත්මිය පෙන්වා දුන්නේ, චීන-ඇමරිකා ආර්ථික සහ වෙළඳ සහයෝගීතාවයේ හරය අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රහණයයි. කර්මාන්ත සහ පෞද්ගලික අංශය අතර සාමාන්‍ය ආර්ථික, වෙළඳ සහ ආයෝජන ක්‍රියාකාරකම් කෘත්‍රිමව සීමා කිරීම හෝ ඒවාට බාධා කිරීම යනු, වෙළඳපල ආර්ථිකයේ මූලධර්මවලට පටහැනි ක්‍රියාවන් ය. මෙය අවසානයේ ඇමරිකාවේ ආයෝජකයින්ගේම අවශ්‍යතාවලට හානි කිරීමක් පමණක් වනු ඇතැයි, Mao Ning මහත්මිය සඳහන් කළා ය.
ඇමරිකාව ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනත මගින් චීනයට බලපෑම් කිරීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය

More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්