චීනයේ ආර්ථික සංවර්ධනයට බාධා නොකොට, දෙරට අතර සබඳතා නැංවීමට ඇමරිකාව කැපවී ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය පවසනවා.
චීනය සහ ඇමරිකාව අතර සංවාද ශක්තිමත් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය සභාපති Gita Gopinath කළ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද (9) පැවති මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළා.
ජාතික ආරක්ෂාව පිළිබඳ සංකල්පය අයුතු ලෙස යොදා ගැනීම සහ වෙනත් රටවල් සමඟ ඇති ආර්ථික සබඳතා කෘත්‍රිමව දුර්වල කිරීම මගින් කිසිදු ප්‍රයෝජනයක් අත්නොවන බව Lin Jian මහතා එහිදී පෙන්වා දුන්නා. මෙය ගෝලීය නිෂ්පාදන හා සැපයුම් දාමයේ ස්ථායීතාවය දැඩි ව අඩාල කරන බව ද ඔහු ප්‍රකාශ කළා. චීනයේ ආර්ථික සංවර්ධනයට බාධා නොකරමින්, විවිධ ක්ෂේත්‍රවල චීන-ඇමරිකා සබඳතා වර්ධනය කිරීම සඳහා යහපත් පරිසරයක් නිසි අයුරින් නිර්මාණය කිරීමට ඇමරිකාව කැපවී ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ