ඇමරිකාව පොලී අනුපාත අඛණ්ඩව ඉහල දැමීමෙන් ගෝලීය ආර්ථික අවපාතය උග්‍ර කරනු ඇතැයි ගෝලීය ආර්ථික විද්‍යාඥයෝ කණස්සල්ල පළ කරති.
පොලී අනුපාත පදනම් අංක 75 කින් ඉහළ නංවන බව ඇමරිකානු ෆෙඩරල් සංචිතය 3වැනිදා නිවේදනය කළේය. ෆෙඩරල් සංචිතය පදනම් අංක 75 කින් අඛණ්ඩව සිව්වන වරටත් පොලී අනුපාත ඉහල දැමීම මෙය වන අතර, ඇමරිකාව මෙම වසරේ පොලී අනුපාත ඉහල දැමූ හයවන අවස්ථාවයි. මෙම පියවර ලොව පුරා පුළුල් කණස්සල්ලට හේතුවී තිබේ.
චීන මාධ්‍ය සමූහයේ CGTN රූපවාහිනිය සහ චීනයේ රෙන්මින් විශ්ව විද්‍යාලය විසින් ලොව පුරා ආර්ථික විද්‍යාඥයින් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් කරන ලද සමීක්ෂණයකට අනුව, ඇමරිකාව අඛණ්ඩව පොලී අනුපාත ඉහල දැමීමෙන් ගෝලීය අවපාතය උග්‍ර කරනු ඇත. සමීක්ෂණයට ලක් වූ ආර්ථික විද්‍යාඥයින්ගෙන් 90%ක් විශ්වාස කරන්නේ මේ හේතුවෙන් ආර්ථිකයන් හී ක්‍රීයාකාරී බව හීන වීමේ අවදානම ඉහළ යන බවයි. 94%ක් විශ්වාස කරන්නේ අඛණ්ඩ පොලී අනුපාත ඉහළ නැංවීම සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අවදානම් තියුනු ලෙස වැඩි කිරීමට හේතු වනු ඇති බවයි.
ලොව පුරා “පොලී අනුපාත ඉහල දැමීමේ රැල්ලක්” බව පවසමින් ගෝලීය ආර්ථික අවපාතයකට එය තුඩ දීම පිළිබඳව ලෝක බැංකුව මීට පෙර අනතුරු ඇඟවීමක් කළේය.
- දිනුෂි ධීරසිංහ
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි