ඇමරිකාව කිසිසේත්ම මානව හිමිකම්වලට ගරු කිරීමේ හා සුරක්ෂිත කිරීමේ ආදර්ශයක් නොවන බවත්, මානව හිමිකම් විනාශ කිරීමේ සහ උල්ලංඝනය කිරීමේ ආදර්ශයක් වන බවත් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද (8) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
මෑතකදී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ “වාර්ගික යුක්තිය සහ නීතිය බලාත්මක කිරීමේදී සමානාත්මතාවය ඉදිරියට ගෙන යාම” සඳහා කටයුතු කරන ස්වාධීන විශේෂඥ කණ්ඩායම ඇමරිකාවට පැමිණ තිබේ. එහිදී වර්ගවාදී සහ වාර්ගික වෙනස්කම් කිරීම සම්බන්ධයෙන් සිය වගකීම තහවුරු කරන ලෙස එම කණ්ඩායම ඇමරිකාවෙන් ඉල්ලා සිටියේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වං වෙන්බින් මහතා පැවසුවේ, ඇමරිකාවේ පවතින දරුණු වර්ගවාදය, වාර්ගික වෙනස්කම් සහ පොලිස් ප්රචණ්ඩත්වය යන ප්‍රශ්න ගැඹුරින් විමසා බලන ලෙසට චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටි බවයි. මානව හිමිකම් ඉටු කරන මුවාවෙන් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම වහාම නතර කළ යුතුය. එමෙන්ම සැබෑ තත්ත්වය අනුව විසඳුම් ලබා දෙමින්, අසාධාරණයට ලක්වූවන්ට වංචා නොකර යුක්තිය ඉටුකරන ලෙස ද චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කරන බව හෙතෙම ප්‍රකාශ කළේය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි