ඇමරිකාවේ ක්‍රියාව ලෝක වෙළෙඳ සංවිධානයේ රෙගුලාසි උල්ලංඝනය කර ඇතැයි එම සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් තීන්දු කරයි.
ලෝක වෙළෙඳ සංවිධානය පසුගිය 9වැනිදා එවන් තීන්දුවක් ප්‍රකාශයට පත් කළේ ඇමරිකාවේ අංක 232 වානේ හා ඇලුමිනියම් රේගු බදු විධිවිධානයට එරෙහිව චීනය ඉදිරිපත් කළ පැමිණිල්ලට ප්‍රතිචාරයක් වශයෙනි. චීන වාණිජ අමාත්‍යංශය එම තීන්දුව පිළිගෙන ඇත.
වසර 2018 සිට ඇමරිකාව ලෝක වෙළෙඳ සංවිධානයේ ඇතැම් සාමාජික රටවල වානේ හා ඇලුමිනියම් භාණ්ඩ කෙරේ අතිරේක රේගු බදු පැණවීම ආරම්භ කළේය. එය ජාතික ආරක්ෂාව මුවාවෙන් සිදු කරන ලද ඒකපාර්ශ්වවාදී හා ආරක්ෂණවාදී මෙහෙයුමක් බව චීන වාණිජ අමාත්‍යංශයේ පුවත් ප්‍රකාශකයා ඊයේ(10) පැවසීය. ඇමරිකාවේ අදාල විධිවිධාන, බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට දැඩි ලෙස හානිකරය. එය ලෝක වෙළෙඳ සංවිධානයේ බොහෝ සාමාජික රටවල පොදු විරෝධතාවට ලක් වූ අතර ඇමරිකාව තුළ ද පුළුල් විවේචනයකට ලක්විය.
ඇමරිකාව ලෝක වෙළෙඳ සංවිධානයේ විශේෂඥ කණ්ඩායමේ තීන්දුවට හා එම සංවිධානයේ රෙගුලාසිවලට ගරු කළ යුතුය. සිය වැරදි කඩිනමින් නිවැරදි කර චීනය ඇතුළු සෙසු ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජිකයින් සමග බහුපාර්ශ්වීය වෙළඳ පද්‍ධතිය පොදුවේ ආරක්ෂා කරන ලෙස ද එම ප්‍රකාශකයා ඇමරිකාවෙන් ඉල්ලා ඇත.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි