සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීමට උත්සාහ කිරීම වහාම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.
චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ගුවෝ ජ්‍යාකුන් මහතා එසේ ප්‍රකාශ කළේ අද(6) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ‘අන්තර්ජාල ප්‍රහාරයට’ අනුබල දීම යන හේතුව මත, චීන සමාගම්වලට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් සඳහන් කරමින් එහිදී මාධ්‍යවේදියෙක් චීනයේ ස්ථාවරය විමසීය.
චීනය සෑමවිටම සයිබර් ප්‍රහාරවලට ස්ථිරව විරුද්ධ වෙමින් එය නීත්‍යනුකූලව මර්දනය කිරීමෙහි නියැලී සිටින බව ගුවෝ ජ්‍යාකුන් මහතා පැවසීය. කාලයක් පුරා ඇමරිකාව ඊනියා ‘චීන හැකර්වරුන් ප්‍රහාර සිදු කිරීම’ යන්න ඉස්මතු කරමින් ඒ මත චීනයට නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක පැනවීමට කටයුතු කර ඇත. චීනය ඊට දැඩි ලෙස විරුද්ධ වෙමින් සිය නීත්‍යනුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අනිවාර්ය පියවර ගැනීමට සූදානම් බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
More Stories
සිය සළුපිළි උනා දැමූ ඇමරිකාව ගැන චීනයේ මතය
සමස්ත ආසියානු ජනතාවගේ පොදු අපේක්ෂාවන් පිළිබිඹු කරන චීනයේ අලුත් අවුරුදු තෑග්ග…
“එක් රටක් ක්‍රම දෙකක්”ප්‍රතිපත්තිය මැකව් හි ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවට CGTN මත විමසුමකින් අනාවරණය කෙරේ