ඇමරිකාව ජාත්‍යන්තර මානව හිමිකම් වගකීම් අනුගමනය කළ යුතු අතර වර්ගවාදය හා වාර්ගික වෙනස්කම් පිළිබඳ ප්‍රශ්නනිරාකරණය කළ යුතු බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පවසයි.
ඇය එසේ පැවසුවේ ඊයේ (27) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී, ‘වහල්භාවය හා අත්ලාන්තික් සාගරයේ වහල් වෙළඳාමපිළිබඳ ජාත්‍යන්තර අනුස්මරණ දිනය’ පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඉතිහාසයේ යටත්විජිතවාදයෙන් හා වහල්භාවයෙන් උරුම වූ සෙවනැල්ල තවමත් ඇමරිකානු සමාජයේ පවතී. ඇමරිකාවේදී, අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයින් පොලිසිය විසින් ඝාතනය කරනු ලැබීමේ අනුපාතය, සුදු ජාතිකයින්ට වඩා 2.78 ගුණයකින්වැඩි වන බව වසර 2013ත් 2022ත් අතර කාලයේ පොලිසිය විසින් සිදු කළ ඝාතන සිද්ධි විග්‍රහ කිරීමෙන් පිළිබිඹුවේ යැයිඇමරිකානු ‘Mapping Police Violence’ වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.
ඇමරිකාව සිය පද්ධතිමය වර්ගවාදය හා වාර්ගික වෙනස්කම් සිදු කිරීම විසඳාගැනීමට උත්සාහ කළ යුතු අතර සෙසු රටවලඅභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම් හා සෙසු රටවල ස්ථාවරත්වය විනාශ කිරීමට කරන උත්සාහයන් නතර කළ යුතු බව මාඕ නිංමහත්මිය අවධාරණය කර ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි