ඇමරිකාව හා බ්‍රිතාන්‍යය යන රටවල් නිකුත් කළ ඊනියා “ආර්ථීක බලාත්කාරකම් ” පිළිබඳ ඒකාබද්ධ නිවේදනය සම්බන්ධයෙන් චීනය ප්‍රතිචාර දක්වයි.
එම ඊනියා ඒකාබද්ධ නිවේදනය ඇත්ත වශයෙන්ම ඇමරිකාව සිදු කළ ක්‍රියාවන් හා වඩාත් ගැලපෙන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා ඊයේ (12) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.මාධ්‍ය වර්තාවලට අනුව, ඇමරිකාව ප්රමුඛ බ්‍රිතාන්‍යය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසිලන්තය හා ජපානය යන රටවල් පසුගිය 9 වනදා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් වෙළඳාම හා සම්බන්ධ ආර්ථීක බලාත්කාරකම්, වෙළඳපොල නොවන ප්‍රතිපත්ති හා ක්‍රියාවන් කෙරෙහි දැඩි සැලකිල්ල යොමු කර ඇත.එවැනි ක්‍රියාවන් බහු පාර්ශ්වික වෙළඳාම් පද්ධතියට තර්ජනයක් වන අතර එය රටවල් අතර සබඳතාවලට හානි සිදු කරන බවද එහි සඳහන් කර තිබේ.
ඇමරිකාව චිප හා විද්‍යාව පිළිබඳ නීතිය නිකුත් කරමින් චීනයට අර්ධසන්නායක අපනයනය කිරීම සීමා කිරීම සඳහා මිත්‍ර රටවලට බලපෑම් එල්ල කර ඇත.එය ආදර්ශණීය ආර්ථීක බලාත්කාරී ක්‍රියාවක් ද යන්න වං වෙන්බින් මහතා ප්‍රශ්න කළේය.රටේ බලශක්තිය අයුතු ලෙස භාවිත කරන ඇමරිකාව Huawei, TikTok යන ව්‍යාවසායන්ට පහර දීම වෙළඳපොළ නොවන ක්‍රියාවකි.ලෝක වෙළඳ සංගමයේ පැමිණිලි ආයතනයේ විනිශ්චයකරුවන්ගේ මැතිවරණයට ඇමරිකාව වසර කිහිපයක් අඛණ්ඩව බාධා කරමින් එම සංගමයේ තීරණ ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කර ඇත.එය බහු පාර්ශ්වික වෙඳදාමේ පද්ධතියට විශාලතම තර්ජනයක් බව වං වෙන්බින් මහතා අවධාරණය කළේය.ආර්ථීක බලාත්කාරී ක්‍රියා, ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම, වෙනත් රටවල කෙරෙහි දිගු දෑත් අධිකරණ බලය යන වෙළඳපොල නොවන ඇමරිකාව සිදු කළ ක්‍රියාවන් නිවැරදි කරන ලෙස බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් එම නිවේදනයට අනුව, ඇමරිකාවෙන් ඉල්ලා සිටිය යුතු බවද වං වෙන්බින් මහතා පැවසීය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි