ඇමරිකාව විසින් චීනයේ තායිවාන පලාත පිළිබඳ සබඳතා කරුණු ලැයිස්තුව සංශෝධනය කිරීම සම්බන්ධයෙන්, චීන විදේශ අමාත්‍යංශය අවධාරණය කළේ, ඇමරිකාව සිය වැරදි වහාම නිවැරදි කළ යුතු අතර, තායිවාන ප්‍රශ්නය ඉතා ප්‍රවේශමෙන් විසඳිය යුතු බවයි.
චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අවධාරණය කළේ, ලෝකයේ එකම චීනයක් ඇති අතර, තායිවානය චීනයේ කොටසක් බවයි. චීන මහජන සමූහාණ්ඩු රජය චීනය නියෝජනය කරන එකම නීත්‍යනුකූල රජයයි. මෙය ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු පිළිගැනීමක් සහ ජාත්‍යන්තර සබඳතාවල පිළිගත් මූලික සම්මතයන් වේ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඇමරිකා-තායිවාන සබඳතා කරුණු ලැයිස්තුව සංශෝධනය කිරීම, එකම චීනය යන මූලධර්මය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් පමණක් නොව, මෙය ජාත්‍යන්තර නීතියේ සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් ද බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. ඇමරිකාව සිය වැරදි වහාම නිවැරදි කළ යුතු ය. ඇමරිකාව සැබවින්ම එකම චීනය යන මූලධර්මය සහ චීන-ඇමරිකා ඒකාබද්ධ නිවේදන තුනට අනුකූල විය යුතු බවටත්, තායිවාන ප්‍රශ්නය ඉතා ප්‍රවේශමෙන් විසඳිය යුතු බවටත්, චීනය ඉල්ලා සිටින බව, Guo Jiakun මහතා සඳහන් කළේ ය.
More Stories
චීනය හා ඇමරිකාව එකිනෙකාට ගැලපෙන නිවැරදි මාර්ගයේ ගමන් කළ යුතුයි- චීන විදේශ ඇමති
චීනය හා ආසියාන් සංගමය ආසියා ශාන්තිකර කලාපයේ කේන්ද්‍රීය ශක්තියක් බව චීනය පවසයි
විදේශ ආයෝජන ස්ථාවර කිරීමේ 2025 වසරේ ක්‍රියාකාරී සැලැස්ම ”නිකුත් කෙරේ