චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා ඊයේ(12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.
2016 ඊනියා දකුණු චීන මුහුද බේරුම්කරණ ප්‍රදානය පිළිපදින ලෙස චීනයෙන් ඉල්ලා සිටිමින් පිලිපීනය සහ ඇමරිකාව විසින් පසුගිය 11වැනි දා එම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර ඇතැයි Wang Wenbin මහතා සඳහන් කරයි. පිලිපීනයේ ඇමරිකානු නව හමුදාමය කඳවුර ස්ථාපනය කිරීම දෙපාර්ශ්වය වේගවත් කරනු ඇති බව ද එම නිවේදනයේ දැක්වෙයි.
දකුණු චීන මුහුදේ හා එහි ආශ්‍රිත මුහුදු ප්‍රදේශ වල අවිවාදිත ස්වෛරීභාවය චීනය සතු බව Wang Wenbin මහතා පෙන්වා දෙයි. දකුණු චීන මුහුදු බේරුම්කරණ නඩුවේ තීන්දු තීරණය ‘ එක්සත් ජාතීන්ගේ මුහුදු නීති සම්මුතිය ’ ඇතුළු ජාත්‍යන්තර තීතිය දැඩිව උල්ලංඝණය කිරීමක් මෙන්ම එය නීත්‍යනුකූල නොවන හා නිෂ්ඵල ක්‍රියාවකි.
හරි වැරැද්ද නොතකා බාහිර බලවේග හමුවේ ක්‍රියාකිරීමෙන් සිය ආරක්ෂාව සුරැකීමට නොහැකි වනු ඇත. කලාපීය සාමයට හා ස්ථාවරත්වයට පවා එමඟින් හානි එල්ල කරනු ඇති බව චීනය අදාළ රටට දැනුම් දී තිබෙන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා එහිදී සඳහන් කර තිබේ.
More Stories
චීන රජය මියන්මාරයට ලබා දෙන දෙවන සහනාධාර තොගය හෙට පිටත් කෙරේ
ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාව චීනය ප්‍රතික්ෂේප කරයි
තායිවාන දූපත ආසන්නයේ “Strait Thunder-2025A” නම් චීන හමුදා යුද අභ්‍යාසයක්