ඇමරිකානු යුද නෞකාවක් චීනයේ Xisha මුහුදු ප්‍රදේශයට නිති විරෝධීව ප්‍රවේශ වීම සම්බන්ධයෙන් චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු යුද සේනාංකය ප්‍රතිචාරය දක්වා ඇත.
ඇමරිකාවේ USS Hopper යුද නාශක නෞකාව චීන රජයේ අවසරයක් නොමැතිව නීති විරෝධීව චීන Xisha මුහුදු ප්‍රදේශයට ඇතුළු වී ඇත. චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු යුද සේනාංකයේ නාවික හා ගුවන් බලඇණි එම ඇමරිකානු යුද නෞකාව පසුපස හඹා ගොස් ඔවුන්ගේ මෙහෙයුම් අධීක්ෂණය කරමින් එම ප්‍රදේශයෙන් පිටත් වන ලෙස අනතුරු ඇඟවීම් සිදු කර ඇත.
ඇමරිකාව චීනයේ ස්වාධිපත්‍ය සහ ආරක්ෂාව බරපතල ලෙස උල්ලංඝනය කරමින් සිදු කරන මෙම ක්‍රියාව, එරට “නාවික ආධිපත්‍යය” අනුගමනය කරමින් “දකුණු චීන මුහුදේ යුදමය තත්ත්වයක්” ඇති කිරීමට උත්සාහ කරන බවට ප්‍රබල සාක්ෂියකි. දකුණු චීන මුහුදු කලාපය අවදානමට ලක් කිරීම සහ එහි සාමය සහ ස්ථාවරත්වය විනාශ කිරීම පිටුපස සිටින ප්‍රධානම පාර්ශ්වය ඇමරිකාව බව මෙමගින් මනාව පිළිබිඹු වී තිබේ.
චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු යුද සේනාංකය සෑමවිටම ඉතා සීරුවෙන් සිටින අතර ජාතික ස්වාධිපත්‍ය සහ සුරක්ෂිතතාව මෙන්ම දකුණු චීන මුහුදේ සාමය සහ ස්ථාවරත්වය ස්ථිර ලෙස ආරක්ෂා කරනු ඇති බව ද එහිදී ප්‍රකාශ කෙරිණ.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය